Tuesday, May 22, 2012

උපේක්ෂා ස්වර්ණමාලි කියයි




මාගේ විවාහය කැඩිලා බිඞිලා ඉහිරිලා ගියා.මාව අවබෝධ කර ගන්න ඔහුට පුලුවන් වුනේ නෑ. ඒ සිද්දිය කාටවත් රහසක් වුනේ නෑ. මගේ හිටපු ස්වාමි පුරැෂයා මට පහර දුන්නා. හිරිහැර කරා. තව දුරටත් ඒ විවාහය රුක ගන්න මානසිකත්වයක් මට ඉතුරැවෙලා තිබුනේ නෑ. ඒ විවාහය දික්කසාදයකින් කෙළවර වෙන්න ඉඞ දීල මම හිත හදා ගත්තෙ ඒකයි.
මාගේ විවාහය අවසන් වුනා. ඒත් එසේ වු පමණින් යලි කවදාවත් විවාහ වෙන්නේ නෑ කියන තීරන්‍ණයට මම ආවෙ නෑ. මාව අවබෝධ කර ගන්න පුලුවන් ආදරය විවාහය කියන දෙය වගකීමෙන් තේරුම් ගන්න කෙනෙක් හම්බ වුනොත් මම විවාහ වෙනවා. තවම නම් මට එහෙම කෙනෙක් මුණ ගැහිලා නෑ.
බිරිඳක් විදියට මවක් විදියට හොඳ ජීවිතයක් ගත කරන බලාපොරොත්තුව මගේ හිතෙත් තියෙනවා. මම ආසයි ඒ හීනයට.
දරුවෙකුට මම ආසයි.මටත් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් වුනොත් ඒක මගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක්. මම දන්නේ නෑ .ඒත් ඒ වාසනාව මට හිමි වාසනාවක්ද කියලා. ඒක එහෙම නොවුණොත් මම හිතන් ඉන්නේ අම්මා තාත්තා නැතුව  අසරණ වෙලා ඉන්න ළමා නිවාසයක දරුවන්ට උදවු වෙන්න.

                                                   උපුටා ගැනීම ලංකාදීප සදැල්ල අතිරේකය
                                                                                                                     සටහන
                                                                                                                               සන්ජීවිකා සමරතුනංග



No comments:

Post a Comment