Saturday, September 1, 2012

ඇමෙරිකානු ජනපතිගේ කුඞු ගහන මල්ලී

ඇමෙරිකානු ජනාධිපති  බැරක් ඔබාමා ගේ කුඞු ගහන මල්ලී



        ලෝකයේ බලවත්ම රාජ්‍යෙයේ  ජනපති ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස සැලකේ. වර්තමානයේ මේ තනතුර හොබවන බැරක් ඔබාමා වත්මන් ලෝකයේ බලවත්ම පුද්ගලයාය.අති සුඛෝපභෝගී පරිසරයක ජීවත් වෙමින් මහත් සැප සම්පත් අත්විදින බැරක් ඔබාමා ප්‍රථම පන්තියේ අති සුඛෝපභෝගී ගුවන් යානා වලින් ගමන් බිමන් යයි.
       ඵහෙත් ඹහුගේ අඩ සොහොයුරු ජෝර්ජ් ඔබාමා අපකීර්තිමත් දුක්ඛිත ජීවිතයක් ගෙවමින් සිටින්නේ අප්‍රිකා මහද්විපයේ කෙන්යාවේ මුඩුක්කු අතරය.
       මත්පැන් පානයට හා මත්කුඩු වලට දැඩි සේ ඇබ්බැහි වී සිටින ජෝර්ජ් ඔබාමා තම සොහොයුරාට හා ඥාතීන්ට හදිසියේම ලැබුණු අසීමිත වූ බලයේ ප්‍රීතිය භුක්ති විදිමිනි.
       ජෝර්ජ් ඔබාමාගේ වයස අවුරුදු 30 කි. අධික ලෙස කොකේන් පානය කර නැගිට ගැනීමට නොහැකිව වකුටුවී සිටි  ජෝර්ජ් පවසන්නේ තමන්ට ලැබී ඇති මේ වාසගම මහත් වදයක් බවයි.ඇමෙරිකාවේ ජනාධිපතිවරයාගේ සොහොයුරා වීම ආඩම්බරයට කාරණයක් විය යුතු වුවද හෙතෙම කෙන්යා වැසියන්  අතර උසුළු විසුළු වලට බාජනය වන්නේ ඔබාමා යන වාස ගම කරදරයක් බද සනාථ කරමිනි.
       තනි කාමරයක් සහිත කුඩා කුටියක් වැනි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ශක්තිමත් උසැති  සිරුරකට හිමිකම් කීව ද මත්කුඩු පානය කිරීම නිසාම දැන් ජරාජීර්ණ මිනිසෙකු බවට පත්ව සිටී.  දුක්ඛිත ජීවිතයක් ගතකරන මේ මිනිසාට දැන්  ජනාධිපති යන විකට නමක් ද පටබැදී තිබේ.
        බැරක් හුසේන් ඔබාමා හෙවත් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා කෙන්යාවේ ජනප්‍රියම පුද්ගලයා බවට පත්වුව ද මේ දුක්ඛිත මිනිසා හෙවත් ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් වැදගැම්මකට නැති මිනිසෙකු බවට පත්ව තිබේ.
        ඇමෙරිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා වූ බැරක් හුසේන් ඔබාමා ගේ හා ජෝර්ජ් හුසේන් ඔබාමා යන දෙදෙනාගේම පියා එක් පුද්ලගලයෙකි.හවායි දූපතේ උපත ලැබූ බැරක් ඔබාමා ඔහුගේ පියාගේ ඇමෙරිකානු බිරිඳ හෙවත් දෙවැනි විවාහයේ දරුවාය.ජෝර්ජ් ඔහුගේ හතරවැනි විවාහයේ දරුවා ලෙස උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය.
         ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ කතා බහට ලක්වන පුද්ගලයෙකු බවට පත්ව ඇත්තේ ඹහුගේ  මත්පැන්,මත්කුඩු පානය හා ඇවතුම් පැවතුම් රටාව හේතුවෙන්ම පමණක් නොවේ.ඇමෙරිකා ජනාධිපති  බැරක් ඔබාමා දැඩි සේ විවේචනයට ලක්වන වාර්තා චිත්‍රපටයක ඔබාමාගේ චරිතයට පණ පෙවීමට
ජෝර්ජ් කැමැත්ත දක්වා ඇති බැවිනි.
         2012 දී හෝම් ලන්ඩ් හෙවත් වාස භූමිය නමින් නිබන්ධනයක් ලියූ ජෝර්ජ් එය ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්කැර තිබේ.එහි ඔහු සදහන් කරන්නේ ‘‘මාගේ සොහොයුරා ලෝකයේ බලවත්ම රාජ්‍යෙයේ නායකයා වීම මට මුඩුක්කු වල සිටින ලෝකයේ දුප්පත්ම ජනතාවගේ නායකයා වීමේ බලාපොරොත්තු ඇතිකරන්නකි. ‘‘යනුවෙනි.
          ජෝර්ජ් හුසේන් ඔබාමා පවසන්නේ තමන් දේශපාලනයට අකමැති වුවද බොහෝ මිනිසුන් දේශපාලනයේ යෙදෙන ලෙස තමන්ට ඇරයුම් කරන බවයි.
       ඵහෙත් ඹහුගේ අඩ සොහොයුරු ජෝර්ජ් ඔබාමා අපකීර්තිමත් දුක්ඛිත ජීවිතයක් ගෙවමින් සිටින්නේ අප්‍රිකා මහද්විපයේ කෙන්යාවේ මුඩුක්කු අතරය.       මත්පැන් පානයට හා මත්කුඩු වලට දැඩි සේ ඇබ්බැහි වී සිටින ජෝර්ජ් ඔබාමා තම සොහොයුරාට හා ඥාතීන්ට හදිසියේම ලැබුණු අසීමිත වූ බලයේ ප්‍රීතිය භුක්ති විදිමිනි.       ජෝර්ජ් ඔබාමාගේ වයස අවුරුදු 30 කි. අධික ලෙස කොකේන් පානය කර නැගිට ගැනීමට නොහැකිව වකුටුවී සිටි  ජෝර්ජ් පවසන්නේ තමන්ට ලැබී ඇති මේ වාසගම මහත් වදයක් බවයි.ඇමෙරිකාවේ ජනාධිපතිවරයාගේ සොහොයුරා වීම ආඩම්බරයට කාරණයක් විය යුතු වුවද හෙතෙම කෙන්යා වැසියන්  අතර උසුළු විසුළු වලට බාජනය වන්නේ ඔබාමා යන වාස ගම කරදරයක් බද සනාථ කරමිනි.       තනි කාමරයක් සහිත කුඩා කුටියක් වැනි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ශක්තිමත් උසැති  සිරුරකට හිමිකම් කීව ද මත්කුඩු පානය කිරීම නිසාම දැන් ජරාජීර්ණ මිනිසෙකු බවට පත්ව සිටී.  දුක්ඛිත ජීවිතයක් ගතකරන මේ මිනිසාට දැන්  ජනාධිපති යන විකට නමක් ද පටබැදී තිබේ.        බැරක් හුසේන් ඔබාමා හෙවත් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා කෙන්යාවේ ජනප්‍රියම පුද්ගලයා බවට පත්වුව ද මේ දුක්ඛිත මිනිසා හෙවත් ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් වැදගැම්මකට නැති මිනිසෙකු බවට පත්ව තිබේ.        ඇමෙරිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා වූ බැරක් හුසේන් ඔබාමා ගේ හා ජෝර්ජ් හුසේන් ඔබාමා යන දෙදෙනාගේම පියා එක් පුද්ලගලයෙකි.හවායි දූපතේ උපත ලැබූ බැරක් ඔබාමා ඔහුගේ පියාගේ ඇමෙරිකානු බිරිඳ හෙවත් දෙවැනි විවාහයේ දරුවාය.ජෝර්ජ් ඔහුගේ හතරවැනි විවාහයේ දරුවා ලෙස උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය.         ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ කතා බහට ලක්වන පුද්ගලයෙකු බවට පත්ව ඇත්තේ ඹහුගේ  මත්පැන්,මත්කුඩු පානය හා ඇවතුම් පැවතුම් රටාව හේතුවෙන්ම පමණක් නොවේ.ඇමෙරිකා ජනාධිපති  බැරක් ඔබාමා දැඩි සේ විවේචනයට ලක්වන වාර්තා චිත්‍රපටයක ඔබාමාගේ චරිතයට පණ පෙවීමට
ජෝර්ජ් කැමැත්ත දක්වා ඇති බැවිනි.         2012 දී හෝම් ලන්ඩ් හෙවත් වාස භූමිය නමින් නිබන්ධනයක් ලියූ ජෝර්ජ් එය ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්කැර තිබේ.එහි ඔහු සදහන් කරන්නේ ‘‘මාගේ සොහොයුරා ලෝකයේ බලවත්ම රාජ්‍යෙයේ නායකයා වීම මට මුඩුක්කු වල සිටින ලෝකයේ දුප්පත්ම ජනතාවගේ නායකයා වීමේ බලාපොරොත්තු ඇතිකරන්නකි. ‘‘යනුවෙනි.          ජෝර්ජ් හුසේන් ඔබාමා පවසන්නේ තමන් දේශපාලනයට අකමැති වුවද බොහෝ මිනිසුන් දේශපාලනයේ යෙදෙන ලෙස තමන්ට ඇරයුම් කරන බවයි.



                                                                                        සටහන - සජීව විජේවීර

                                                                                

උපුටා ගැනීම  - 2012/09/02 ඉරිදා ලංකාදීප පුවත්පත

                                                                                     

No comments:

Post a Comment